තම්මැට්ටම
ලංකාවේ බෞද්ධ ආගමික පදු පූජාවලදී, වැයෙන අනිවාර්ය අංගයක් වන හේවිසි වාදනය දී තම්මැට්ටම ප්රධාන වෙයි. විශේෂයෙන් විහාර, දේවාල ආශ්රිත ආගමික අවස්ථාවන් හි දී දවුල හා එක්ව වාදනය වූ භාණ්ඩය ලෙස තම්මැට්ටම හඳුන්වා දිය හැකි ය. බෞද්ධ සිද්ධස්ථානයන්හි පොහොය දින හේවිසි මුර වාදනයේ දීත්, ගමන් හේවිසි සඳහාත්, අවමංගල බෙර වානදයේදීත්, දවුල සමඟ තම්මැට්ටම එකට බැඳ හේවිසි වාදනය කරයි.
හැඳින්වීම
බෙර දෙකකින් සැදුම්ලත් තම්මැට්ටම වාදනය කිරිම සඳහා කෝටු දෙකක් යොදාගැනේ. මෙය බොන්ගෝ වාද්යය භාණ්ඩය ආකාරය ගනී.[1] බෞද්ධ වෙහෙර විහාර සහ බෞද්ධාගමික චාරිත්ර ආශ්රිත තේවා කටයුතු සඳහා වාදන සම්ප්රදායක් වශයෙන් මෙන්ම දේවාල හා බැඳි, පුද පූජා වතාවත් උදෙසා අනාදිමත් කාලයක සිට භාවිත වූ තම්මැට්ටම එදා පැවැති නමින් ම අද ද භාවිත වෙයි. තම්මැට්ටම ලෝකයේ අත් බෙර අතර දිගු ඉතිහාසයකට බැඳී පවතී. තම්මැට්ටම වාදනය කිරීමට "කඩිප්පු" නමින් කෝටු දෙකක් යොදා ගනී. මේ සඳහා භාවිතා කරන කඩිප්පුව අගින් වක් වී ඇත. බෞද්ධ විහාරස්ථානවල හේවිසි වාදනයේදී තම්මැට්ටම අනිවාර්යෙන් ම තිබිය යුතුය.
තම්මැට්ටමේ වම් ඇසෙහි ශබ්ද ධ්වනිය ඉතා පහත්ව නැගෙන සේ ඝනවූ සමෙන් නිමවා ඇති අතර දකුණු ඇසෙහි ශබ්දය ඉතා උස්ව නැගෙන සේ තුනී හමින් නිපදවා ඇත. වම් ඇසට වඩා දකුණු ඇසෙහි මුහුණත කුඩා කොට ඇත්තේ හඬෙහි උස් ධ්වනිය ලබා ගැනිම සඳහා ය.
තම්මැට්ටම සැකැස්ම
ඇසල, කොහොඹ, කොස් වැනි දැව වර්ගවලින් තම්මැට්ටම් කඳ සකස් කර ඇත. දකුණු වා වම් ඇස් සඳහා ගව හමක් හෝ මුව හමක් යොදා ගනියි. වාදනය සඳහා කඩිප්පු[2] දෙකක් දෑතට යොදා ගනියි.
තම්මැට්ටමේ කොටස්
- තම්මැට්ටමේ මුහුණත කුඩ කොටස් ඇතළත ඇති පළමු රවුම අඬ බෑයයි
- එහි දෙවන රවුම කැපුම් හමයි
- මුහුණත ලොකු කොටස මණ්ඩම නමින් හඳුන්වියි
- තම්මැට්ටම් කඳන් දෙක එකට සවිකර ඇති තහඩුව කුන්දිරම්පල්ල නම් වේ
- තම්මැට්ටම කඳවටා යොදා ඇති පටිය වෙනිවර කැරැල්ල වේ
- වාදනය සඳහා ඉනේ බැඳ ගනු ලබන්නේ ඉන ලණුවයි
- ලීයෙන් සකස් කර ඇත්තේ කඳ කොටසයි
මේ ආකාරයේ කොටස් වලින් යුක්ත වන තම්මැට්ටම වාදනය කරනුයේ කඩිප්පු යුගලයක් භාවිතයෙනි. මෙය කඩිප්පුවෙන් පමණක් වයන බැවින් විතත වර්ගයට අයත් භාණ්ඩයක් ලෙස සැලකේ.
No comments:
Post a Comment